Published
ගුවන් හමුදාවට අයත් මෝටර් රථයක් කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කිලෝමීටර 17 දශම 05 සීදුව සහ ජා ඇල අතරදී හදිසියේ ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.
ගින්න ඇතිවන අවස්ථාවේදී ගුවන් හමුදාවේ ඉහළ නිලධාරියෙකු එම මෝටර් රථයේ ගමන් කරමින් සිට ඇතැයි පමුණුගම පොලිසිය පැවසුවා.
අදාළ මෝටර් රථය කොළඹ සිට කටුනායක දෙසට ධාවනය කිරීමේදී මෙම ගින්න හටගෙන තිබෙනවා.
ගින්නෙන් එම ගුවන් හමුදා ඉහළ නිලධාරියාට හෝ ඔහුගේ රියදුරුට කිසිදු තුවාලයක් සිදුව නැහැ.
කිසියම් කාර්මික දෝෂයක් හේතුවෙන් ගින්න හටගන්නට ඇති බවටයි පොලීසිය සැක කරන්නේ.



