ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා වහාම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවට කැදවීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා.

ඒ, පවතින ගැටළු කිහිපයක් පිළිබද වත්මන් සහ හිටපු ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ජනාධිපතිවරයා හමුවේ සිදුකළ කරුණු දැක්වීමකින් අනතුරුව ගත් තීරණයකට අනුව බවයි වාර්තා වුණේ.