Published
ජනාධිපති ලේකම් කාර්යාලයේ පාර්ලිමේන්තු හා අමාත්‍ය මණ්ඩල අංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය මගින් සිදු කරගෙන යනු ලබන විමර්ශනයකට අදාළවයි.
සංවිධානාත්මක අපරාධකරුවෙකුට දිවයිනෙන් පලායෑම සඳහා වෙනත් පුද්ගලයෙකුගේ නමකින් ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් කූඨ ලෙස සකස් කළ සිද්ධියකට අදාළවයි ඔහු එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකාර ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා මීට පෙර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදේශ දූත මණ්ඩල අංශයේ නියෝජ්‍ය පාලකවරයා ලෙස සේවය කරන ලද කාලය තුළ මෙම අපරාධය සිදුකර ඇති බව පොලීසිය පවසනවා.
අත්අඩංගුවට ගෙන ඇති ඔහු මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.




