ප්රධාන ගංඟා කිහිපයක ඇතැම් පහත් බිම් තවමත් සුළු ගංවතුර තත්ත්වයේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම ජලාශ 38කට ආසන්න ප්රමාණයක් තවදුරටත් වාන් දමන බවයි එම දෙපාර්තමේන්තුවේ ජල විද්යා හා ආපදා කළමණාකරණ අංශයේ අධ්යක්ෂ ඉංජිනේරු එල් එස් සූරියබණ්ඩාර මහතා පැවසුවේ.
"අකුරැස්ස සහ පහළ ප්රදේශ වන විශේෂයෙන්ම තල්ගහගොඩ සහ මාතරට ආසන්න ප්රදේශවල තවමත් සුළු ගංවතුර තත්ත්වයක් පවතිනවා. ඒ වගේම තව සුළු වැඩිවීමක් අපේක්ෂා කරන්න පුළුවන්. කෙසේ නමුත් ඉහළ ප්රදේශවල මේ වන විට බොහෝ ජල මට්ටම් හෙමින් සෙමින් අඩුවෙමින් පවතිනවා. ඒ වගේම ගිං ගඟ ගාල්ල දිස්ත්රික්කයේ බද්දේගම ප්රදේශයේ තවමත් ජල මට්ටම සුළු ගංවතුර මට්ටමේ පවතිනවා. නමුත් තව විශාල වැඩිවීමක් වැඩි වෙන්නේ නැහැ. කෙසේ නමුත් තවදුරටත් සුළු ගංවතුර මට්ටමේ පවතීවි. නමුත් ඉහළ තවලම සහ ඉන් ඉහළ ප්රදේශවල බොහෝ දුරට ජල මට්ටම් ක්රමයෙන් අඩුවෙමින් පවතිනවා. ඒ වගේම කළු ගඟේ ජල මට්ටම ගත්තොත් විශේෂයෙන්ම මිල්ලකන්ද, පුටුපවුල සහ ඇල්ලගාව ජල මට්ටම් කිසියම් සුළු ගංවතුර තත්ත්වයේ ඉහළ අගයන්වල පවතිනවා. කෙසේ නමුත් ඇල්ලගාව ඉතාම සුළු ගංවතුර මට්ටමේ තවමත් ආසන්න වශයෙන් පවතිනවා. මේ තවදුරටත් සාමාන්ය වැඩිවීමක් දකින්නට තියෙනවා. කෙසේ නමුත් රත්නපුර සහ ඉන් ඉහළ ප්රදේශවල ජල මට්ටම් ක්රමයෙන් අඩුවෙමින් පවතිනවා. තවදුරටත් කළුතර දිස්ත්රික්කයේ කළුගඟ ආශ්රිතව ඒ ආසන්නයේ ඉන්න පහත්බිම්වල සාමාන්ය වැඩිවීමක් ජල මට්ටම්වල සිදුවෙන්න පුළුවන්. කෙසේ නමුත් අතිවිශාල ජල මට්ටමක් වැඩිවීමේ ප්රවණතාවයක් පෙන්නුම් කරන්නේ නැහැ. ඒ වගේම කැලණි ගඟේ ජල මට්ටම් මේ වන විට ක්රමයෙන් අඩුවෙමින් පවතිනවා. බොහෝ දුරට හංවැල්ල ජල මට්ටමේ සුළු වැඩිවීමක් දකින්නට තිබුණත් එය සමස්තයක් ලෙස කැලණි ගඟේ ඉහළ ජල මට්ටම් ක්රමයෙන් අඩුවෙමින් පවතිනවා වගේම තවදුරටත් විශාල වැඩිවීමක් අපේක්ෂා කරන්නේ නැහැ. ඒ වගේම අත්තනගලු ඔයේ ජල මට්ටම් සෙමින් අඩුවෙමින් පවතිනවා ඉහළ දූනමලේ සහ ඉන් ඉහළ ප්රදේශවල. කෙසේ නමුත් තවදුරටත් ගම්පහ දිස්ත්රික්කයේ පහළ ප්රදේශ විශේෂයෙන්ම ගම්පහට පහළ, කටාන, ජාඇල වැනි ප්රදේශවල තවදුරටත් ජලය රැඳී පවතිනවා. ප්රධාන වශයෙන්ම දැදුරු ඔය, රාජාංගනය වැනි ජලාශ, ඒ වගේම ගිරිමිටිය, යාං ඔය සහ උස්ගල සියඹලංගමුව වැනි ජලාශ මේ වන විට වාන්දැමීම සාපේක්ෂව ඉහළ අගයක තියෙනවා. විශේෂයෙන්ම ගිරිමිටිය තත්පරයට ඝන අඩි 3000කට ආසන්න ප්රමාණයක් වාන්දැමීම සිදුවෙනවා. ඒ වගේම තබ්බෝව දැනට වාන්දැමීමේ කිසියම් අඩුවීමක් තියෙනවා. ඒ වගේම දැදුරු ඔය තත්පරයට ඝන අඩි 6800කට ආසන්න ප්රමාණයක් දැදුරු ඔයට නිදහස් කරනවා. රාජාංගනය තත්පරයට ඝන අඩි 7000කට ආසන්න ප්රමාණයක් කලාඔයට නිදහස් කරනවා. ඒ වගේම යාං ඔය තත්පරයට ඝන අඩි 2200කට ආසන්න ප්රමාණයක් සහ උස්ගල සියඹලංගමුව තත්පරයට ඝන අඩි 2100කට ආසන්න ප්රමාණයක් කලාඔයට නිදහස් කරනවා. මේ තත්ත්වය යටතේ විශාල ගංවතුර තත්ත්වයක් එම ගංගාවල ඇතිවීමේ අවදානමක් නැහැ. කෙසේ නමුත් ජල මට්ටම් ඉහළ අගයක පවතිනවා වගේම වරින් වර ලැබෙන වර්ෂාපතනයන් අනුව වාන්දැමීමේ ප්රමාණාත්මකව වෙනස්කම් සිදුවෙන්න පුළුවන්."



