නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

ඒ, ප්‍රකාශයක් ලබාදීම සදහායි.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙහෙල්බැද්දර පද්මේ නමැත්තා සමඟ සබඳතා පැවැත්වූ බවට එල්ල වී ඇති චෝදනාවලට අදාළ සිදුවීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙන ලෙසට කළ දැනුම් දීමකට අනුව වරුණ ජයසුන්දර මහතා එලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.