Published
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 4ක් මත මුදා හැරීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අදාළ නඩුව අද වත්තල මහේස්ත්‍රාත් කාංචනා එන් සිල්වා මහත්මිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.
ලංකා සතොස ආයතනයට අයත් ලොරි රථයක් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.




