Published
ඩෙංගු මදුරුවා හේතුවෙන් චිකුන්ගුන්යා රෝගින්ගේ වැඩිවීමක්ද මේ වනවිට දක්නට ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
එහි වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසුවේ ඩෙංගු රෝගින් සංඛ්‍යාව ද තවත් ඉහළ ගොස් ඇති බවයි.
ඒ අනුව බොහෝ රෝහල්වල උපරිම ධාරිතාව දක්වා ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව ඉහළගොස් ඇති බවද ඔහු කියා සිටියා.
ඩෙංගු රෝගීන්ගේ වැඩිවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ රෝහල් කාර්ය මණ්ඩලයටද සිය රාජකාරී ප්‍රමාණය වැඩි වී ඇති බවයි.
ඒ, ඩෙංගු රෝගීන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන කාලය ද වැඩිවීම හේතුවෙන්.
මේ වනවිට දිවයිනෙන් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 48,287 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සිදුව ඇති මරණ සංඛ්‍යාව 29 ක්.




