වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 61,060ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ගත වූ පැය 24ක කාලය තුළ පමණක් රෝගීන් 2,604ක් වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ.
සමස්ත රෝගීන් සංඛ්‍යාවෙන් වැඩිම රෝගීන් ප්‍රමාණය වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්.
එම පළාතෙන් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 32,054ක් බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ.
එමෙන්ම දකුණු පළාතෙන් රෝගීන් 9,674ක් සහ සබරගමුව පළාතෙන් රෝගීන් 5,237ක් ලෙස වාර්තා වී තිබෙනවා.
මධ්‍යම පළාතෙන් රෝගීන් 4,823ක් ද, නැගෙනහිර පළාතෙන් රෝගීන් 2,979ක් ද, වයඹ පළාතෙන් රෝගීන් 2,778ක් ද වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ.
මේ අතර ඌව පළාතෙන් රෝගීන් 1,550ක්, උතුරු මැද පළාතෙන් රෝගීන් 1,013ක් සහ උතුරු පළාතෙන් රෝගීන් 957ක් ද වාර්තා වනවා.
දිස්ත්‍රික්ක මට්ටමින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.
එම රෝගීන් සංඛ්‍යාව 12,445ක් වනවා.
දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 142ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ.
වසරේ මේ දක්වා වාර්තා වි ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 39 ක්.




