මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ මහතා සමඟ චෝදනා ලබා සිටි ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියම කළා.

විත්තිකාරියට නඩු විභාගයකට මුහුණ දීමට සුදුසු මානසික තත්ත්වයක් නොමැති බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි විනිසුරුවරයා මෙම නියෝගය නිකුත කළේ.

මේ අතර මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කර තිබෙන චෝදනා වලට තමන් නිවැරදිකරු බව යෝෂිත රාජපක්ෂ මහතා අද කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

එම චෝදනා අද විවෘත අධිකරණයේ කියැවූ අවස්ථාවේදීයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.