Published
මින්නේරිය, පාසියාවැව ප්රදේශයේ ඉඩමක් තුළ පුරාවස්තු සොයා කැණිම් කරමින් සිටි සැකකරුවන් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, මින්නේරිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි.
එහිදි අත්අඩංගුවට ගෙන ඇත්තේ හිගුරක්ගොඩ, මිනුවන්ගොඩ, උඩුගම්පොල, පන්නල හා කොටදෙනියාව ප්රදේශවල පදිංචිකරුවන් පිරිසක්.
අදාළ කැණිම් කටයුතු සදහා ඔවුන් යොදාගත් උපකරණද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මේ අතර තිරප්පනේ, පන්සල් හන්දිය ප්රදේශයේ නිවසක කාමරයක් තුළ පුරාවස්තු සොයා කැණීම් කරමින් සිටි සැකකරුවන් සිව් දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් තිරප්පනේ, ගුරුදෙනිය, සහ එප්පාවල ප්රදේශවල පදිංචිකරුවන්.
ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි තිරප්පනේ පොලීසිය පැවසුවේ.




