Published
තංගල්ල - මාතර ප්රධාන මාර්ගයේ තලල්ල ප්රදේශයේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 15 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
ගන්දර පොලිසිය පැවසුවේ ගාල්ල සිට අම්පාර සහ තංගල්ල සිට මාතර බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
එහිදී තුවාල ලැබුවන් මාතර මහ රෝහල සහ තලල්ල රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
තුවාල ලැබූවන් අතර බස් රථ රියදුරන් දෙදෙනාද සිටින බවයි පොලීසිය පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගන්දර පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.




