Published
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ සහ ගැලනිගම අන්තර් හුවමාරු මධ්‍යස්ථාන අතර ප්‍රදේශයේ සිදුවූ අනතුරක් හේතුවෙන් කොළඹ දෙසට වූ මංතීරුවේ එම ප්‍රදේශය ආශ්‍රිතව රථ වාහන තදබදයක් පවතින බව පොලීසිය පවසනවා.
එම මාර්ගයේ 16.4 කිලෝමීටර් කණුව ආසන්නයේදී බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් එම රිය අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.
අනතුරෙන් කිසිදු පුද්ගලයෙකු තුවාල ලබා නැහැ.
අනතුරට ලක් වූ බස් රථය සහ ලොරි රථය එම ස්ථානයෙන් රැගෙන යාමට කටයුතු කරමින් සිටින බවද වාර්තා වුණා.




