මෙවර පොසොන් පුරපසලොස්වක පොහොය නිමිතිකර ගෙන පවත්වනු ලබන දන්සැල්වලදි වෙනදාට වඩා වැඩි අවධානයක් යොමු කරන්නැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක් කරනවා.

ඒ අනුව දිවයිනේ පවතින ඩෙංගු අවදානම සැලකිල්ලට ගනිමින් පරිසරය ආරක්‍ෂා වන අයුරින් දන්සැල් පවත්වන ලෙසයි එම සංගමයේ වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ.

දන්සැල් පැවැත්වීමේදි ප්ලාස්ටික් සහ පොලිතීන් භාවිතය සම්පූර්ණයෙන් නතර කිරීමට පියවර ගන්නා ලෙස ද ඔහු ඉල්ලීමක් කළා.

මේ අතර දිවයිනෙන් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව මේ වනවිට 50,000 ඉක්මවා ගොස් තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ ඩෙංගු රෝගයෙන් මේ වන විට පුද්ගලයින් 30දෙනෙකු මියගොස් ඇති බවයි.