දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබී හෙරොයින් සහ අයිස් කිලෝග්‍රෑම් 150 කට අධික තොගයක් සොයාගෙන තිබෙනවා.

එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 3 කට ආසන්න බවයි පැවසෙන්නේ.

දිවයිනට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබියදී එම බහුදින ධිවර යාත්‍රාව සැකකරුවන් පස් දෙනෙකු සමග නාවික හමුදාව සිය භාරයට ගෙන තිබුණේ ඊයේ දිනයෙ සිදුකළ විශේෂ මෙහෙයුමකදීයි.

ඒ අනුව එම බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් පස් දෙනා අද උදැසන දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එනු ලැබුවා.

එම බහුදින ධීවර යාත්‍රාවේ තිබී මත්ද්‍රව්‍ය අඩංගු උර 10ක් සොයා ගැණුනු අතර එම උරවල හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය අඩංගු බවට සිදුකළ පරීක්‍ෂාවලදී අනාවරණ වී තිබෙනවා.