හංවැල්ල, පාදුක්ක, කොට්ටාව හා මීගහවත්ත ප්‍රදේශවලදි යතුරුපැදි 4ක් සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම යතුරුපැදි කොටස් කර ළඟ තබාගෙන සිටි තවත් සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි අතුරුගිරිය පොලීසිය පැවසුවේ.

ඒ, පසුගිය 21 වනදා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 800 ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු රැදවුම් නියෝග මත රදවාගෙන සිදුකළ වැඩිදුර විමර්ශනවලදියි.

ඒ අනුව සැකකරුවන් සිව් දෙනා පැලෑන්වල ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලීසිය පැවසුවේ.

ඔවුන් හෝකන්දර සහ අතුරුගිරිය ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.