අද දිනයේ ඉදිරිපත් වන අයවැයෙන් ජනතාවට සහන ලැබෙනු ඇතැයි විශ්වාසයක් තබාගත නොහැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා.
මන්ත්රීවරයා පැවසුවේ වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමට පෙර ලබාදුන් පොරොන්දු පවා තවමත් ඉටු කර නොමැති බවයි.
''අපි කවුරුත් එකඟ විය යුතු දෙයක් තමයි මේ රටේ සියලුම ජනතාව ඉතාම අමාරු කාලවකවානුවක ජීවත් වෙන්නේ. ජීවන වියදම දරාගන්න බැරි මට්ටමට ඉහළ ගිහිල්ලා තියෙනවා. මේ රටේ ජනතාවට සහන ලබා දෙන්න පුළුවන් තත්ත්වයකට දැන් පත්වෙලා තියෙනවා. බදු දරාගන්න බැරි මට්ටමට බදු ගහලා, දැන් මේගොල්ලන් කියන ආකාරයටම භාණ්ඩාගාරය පිරී ඉතිරිලා ගිහිල්ලා තියෙනවා. එහෙනම් මේ රටේ ජනතාවට ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් 2027 වර්ෂයේදී ඇති කරන්න, ජනතාවට සහන ලබා දෙන්න ඕනේ. මේවා දැනෙන සහන වෙන්න ඕනේ, දැනෙන වැඩපිළිවෙළක් වෙන්න ඕනේ. අපිට ලොකු විශ්වාසයක් නෑ මේ ආණ්ඩුවට ඒ වගේ දෙයක් කරන්න පුළුවන් කියලා. මොකද මේ ආණ්ඩුව කිව්ව දේවල් කරලා නැති ආණ්ඩුවක්. මේ රටේ ජනතාව රැවට්ටපු ආණ්ඩුවක්. එදා ජනතාව ඉදිරියේදී කිව්ව පොරොන්දු ඉටු කරයිද කියලා අපි බලමු.''




