දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කළුතර ප්‍රාදේශීය කාර්යාලයේ ගින්නක් හටගෙන තිබෙනවා.

එම ප්‍රාදේශීය කාර්යාලයේ දෙවන මහලේ පරිගණක පද්ධතිය ඇතුළත් කොටසේ එම ගින්න හටගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

කළුතර මහ නගර සභාවේ ගිනිවීම් ඒකකයේ ගිනි නිවීම් භටයින් පැමිණ ගින්න පාලනය කර තිබෙනවා.

ගින්නට හේතුව සහ ඉන් සිදුවූ හානිය මෙතෙක් අනාවරණය වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලීසිය මගින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.