ගාල්ල - උඩුගම මාර්ගයේ මකුළුව හන්දිය ප්‍රදේශයේදී ධාවනය වූ බස් රථයකින් ඇදි වැටී තරුණයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනනවා.

උඩුගම බලා ධාවනය වූ එම බස් රථයේ ඉදිරිපස දොරටුවෙන් එම තරුණයා ඇද වැටී ඇති බවයි ගාල්ල වරාය පොලීසිය පැවසුවේ.

එහිදී බරපතල තුවාල ලැබූ ඔහු කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 26 ක් වූ ගාල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගත් බවයි ගාල්ල වරාය පොලීසිය පැවසුවේ.