Published
නාත්තන්ඩිය - පහළ කොට්ටරාමුල්ල ප්රදේශයේ අයියනායක දේවාලය බිද එහි තිබූ රුපියල් ලක්ෂයක් පමණ වටිනා පිත්තල පහන් දෙකක කොටස් සොරාගෙන ගොස් තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් එම දේවාලයේ කමිටු ලේකම්වරයා පැමිණිල්ලක් කර ඇති බවයි කොස්වත්ත පොලීසිය පැවසුවේ.
එම දේවාලයේ සවි කර ඇති ආරක්ෂිත කැමරාවක කොටසක් බිදී ඇති බව කමිටු ලේකම්වරයා පළමුව දැක තිබෙනවා.
ඒ පිළිබද තවදුරටත් සොයබැලීමේ අනාවරණ වී ඇත්තේ පිත්තල පහන් දෙකක කොටස් අතුරුදන්ව ඇති බවටයි.
කෙසේවෙතත් ඒවා සොරකම් කළ අය පිළිබද මෙතෙක් තොරතුරක් වාර්තා වී නැහැ.
සැකකරුවන් සොයා කොස්සවත්ත පොලිස් ස්ථානය විමර්ශන ආරම්භ කර තිබෙනවා.




