Published
නීතිපතිවරයා සමග ඉදිරියටත් සහයෝගයෙන් කටයුතු කිරීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්ලියාස් මහතා පවසනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ නීතිපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ආණ්ඩුවට ගැටලුවක් නොමැති බවයි.
බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්ලියාස් මහතා මෙම අදහස් පළ කළේ නෙත් නිවුස් සිව්වෙනි මානය වැඩසටහනට එක්වෙමින්.




