කොළඹ නුවර මාර්ගයේ කඩුගන්නාව -  ගනේතැන්න කොටස  තාවකාලිකව වසා දමා තිබෙනවා.

ඒ කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයෙන් මාර්ගයට පස් සහ ගල් පෙරළීම හේතුවෙන්.

ගල් පෙරළීම හේතුවෙන් මාර්ගය අසල නවතා තිබූ යතුරුපැදියකට ද හානි සිදුව තිබෙනවා.

ඒ අනුව හෙට (11) උදෑසන 6 දක්වා මාර්ගයේ එම කොටස තාවකාලිකව වසා දමා තිබෙනවා.