පිලියන්දල තුම්බෝවිල ප්‍රදේශයේදී පොලිසිය සිදුකල වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ සැකකටයුතු පුද්ගලයන් දෙදෙනෙකු පරික්ෂ කිරීමට යාමේදී ඔවුන් තියුණු ආයුධයකින් පොලිස් නිලධාරීන්ට පහර දීමට උත්සහ දරා ඇති බවයි .

එහිදී පොලිසි නිලධාරීන් ආත්මාරක්ෂාව සඳහා වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

ඉන් තුවාල ලැබූ සැකකරුවෙකු ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කෙරුනා.

සැකකරුවන් පොලිසියට පහර දීමට උත්සහ කල තියුණු ආයුධය පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අනෙක් සැකකරු පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් විමර්ශන ආරම්භ කර තිබෙනවා.