Published
මෙරට කාන්තාවන්ට හා පිරිමින්ට සිය ලිංගිකත්වය වෙනස් කර ගැනීමට අවසර දෙමින් නිකුත් කර තිබෙන චක්‍රලේඛ බල රහිත කිරීමේ නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික ආබාධිත බලපත්ති නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රිපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිසක් වග උත්තරකරුවන් කරමින් එම පෙත්සම ගොනු කර තිබෙනවා.



