වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරුන් 11 දෙනෙකු සහ පොලිස් පරීක්‍ෂකවරුන් පස් දෙනෙකු ස්ථාන මාරු කර තිබෙනවා.
ඒ, ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්වරයාගේ අනුමැතියට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින්.
ඒ අනුව කොළඹ දකුණ කොට්ඨාසයේ රාජකාරී කළ පොලිස් පරීක්‍ෂක කේ සී වික්‍රමසිංහගේ මහතා ලුණුවිල පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස ස්ථාන මාරු කර ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.
පොලිස් පරීක්‍ෂක එම් එස් සි සිල්වා මහතා ස්ථාන මාරු කර ඇත්තේ ඇල්පිටිය කොට්ඨාසයේ සිට කරන්දෙණිය පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසයි.
ඔඩ්ඩුසුඩාන් පොලිස් ස්ථානාධිපති බී ඒ ඩී එන් රංජිත් කුමාර මහතා පාදුක්ක පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස ස්ථාන මාරු කර තිබෙනවා.
ඒ අනුව ගම්පහ කොට්ඨාසයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ආර් ටී සී පිංතු මහතා ඔඩ්ඩුසුඩාන් පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස ස්ථාන මාරු කර ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.
එමෙන්ම ස්ථාන මාරුවීම් ලද නිලධාරීන් අතර ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ආර් සී රාජපක්‍ෂ මහතා ද වනවා. කටුගස්තොට පොලිස් ස්ථානාධිපති තනතුරේ රාජකාරී කළ ඔහු ස්ථාන මාරු කර ඇත්තේ ගාල්ල අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ලෙසයි.
මේ අතර අරණායක, කොස්ගොඩ, අක්කරායන්කුලම්, කඩවත සහ ඔක්කම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරුන් සාමාන්‍ය රාජකාරී සදහා අනියුක්ත කර තිබෙනවා.




