Published
හංවැල්ල, ජයවිරගොඩ ප්‍රදේශයේදි ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන බෙදාහරින බවුසර් රථ දෙකකින් ඉන්ධන
සොරකම් කළ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම බවුසර් රථ දෙකෙහි රියදුරන් දෙදෙනා සහ රිය සහායකයින් දෙදෙනා එලෙස අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
එම ස්ථානයේ සිටි තවත් සැකකරුවන් දෙදෙනකු පලා ගොස් තිබෙනවා.
ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනිම සදහා විමර්ශන ආරම්භ කර ඇති බවයි හංවැල්ල පොලිසිය පැවසුවේ.
එමෙන්ම බවුසර් රථවල ඇති ඉන්ධන ප්‍රමාණයන් මැනගැනීමට ඛනිජ තෙල් සංස්ථාවේ නිළධාරීන් කැදවිමට ද පොලිසිය කටයුතු කර තිබෙනවා.




