Published
බස් ගාස්තු 12%කින් ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.
ඒ, ලබන 6 වනිදා සිටයි.
ඒ අනුව අවම ගාස්තුව රුපියල් 30 සිට රුපියල් 34 දක්වා ඉහළ නැංවෙන බවයි වාර්තා වන්නේ.
සාමාන්‍ය සේවා කිලෝමීටර් 100ට අඩු ගමනාන්ත සඳහා 12%කින් බස් ගාස්තු ඉහළ නැංවෙන අතර කිලෝමීටර්100 හෝ ඊට වැඩි ගමනාන්ත සඳහා 20%කින් බස් ගාස්තු ඉහළ නැංවෙනු ඇති.
එමෙන්ම සුඛෝපභෝගී සේවා සඳහා කිලෝමීටර් 100ට අඩු ගමනාන්ත සඳහා 12%කින් බස් ගාස්තු ඉහළ නැංවෙන අතර කිලෝමීටර් 100ට වැඩි ගමනාන්ත සඳහා 15%කින් බස් ගාස්තු ඉහළ නැංවීමට නියමිතයි.




