බෙංගාල බොක්ක ආශ්රිතව පීඩන අවපාතයක් වර්ධනය වීමේ අවදානමක් පවතින බැවින්, උතුරු අක්ෂාංශ 10ත් 15ත් අතර සහ නැගෙනහිර දේශාංශ 80ත් 90ත් අතර මුහුදු ප්රදේශයේ ධීවර කටයුතුවල නිරතව සිටින යාත්රා වහාම එම ප්රදේශවලින් ඉවත් වන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ධීවර ප්රජාවට දැනුම් දෙනවා.
කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිකුත් කළ අවවාදාත්මක රතු නිවේදනයක දැක්වෙන්නේ අන්දමන් දූපත් ආශ්රිතව පවතින අඩු පීඩන කලාපය බෙංගාල බොක්ක ආශ්රිතව ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බවයි.
ඒ හේතුවෙන් අදාළ මුහුදු ප්රදේශ රළු හෝ ඉතා රළු විය හැකි අතර, උතුරු අක්ෂාංශ 10ත් 15ත් අතර සහ නැගෙනහිර දේශාංශ 80ත් 90ත් අතර මුහුදු කලාපය පීඩන අවපාතයේ බලපෑමෙන් ඉතා රළු විය හැකි බවද කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.
ඒ අනුව නැවත දැනුම් දෙන තුරු අදාළ මුහුදු කලාපයේ ධීවර කටයුතුවල නිරතව සිටින යාත්රා වහාම එම ප්රදේශවලින් ඉවත්ව උතුරු දෙසට හෝ දකුණු දෙසට යාත්රා කරන ලෙස උපදෙස් දී තිබෙනවා.
එමෙන්ම ඉදිරියේදී නිකුත් කරනු ලබන කාලගුණ නිවේදන පිළිබඳවද අවධානයෙන් සිටින ලෙසයි ද ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ධීවර ප්රජාවට දැනුම් දෙන්නේ.




