බොරලැස්ගමුව, මාලිනි බුලත්සිංහල මාවත ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබිමකින් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ වෙඩි තැබීමෙන් වයස අවුරුදු 74 ක්වූ පුද්ගලයෙකු එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු එම වෙඩි තැබිම සිදුකර පලාගොස් තිබෙනවා.

පාතාල කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන “දෙහිවල සැන්ඩෝ” නමැත්තා විසින් කොස්මල්ලි නමැත්තාගේ මුදල් අයකැමිවරයා ඉලක්ක කර සිදුව ඇති එම වෙඩි තැබීමෙන් ජිවිතක්‍ෂයට පත්ව ඇත්තේ එම මුදල් අයකැමිවරයාගේ පියා බවයි පොලිස් විමර්ශනවලදි අනාවරණ වී ඇත්තේ.

වෙඩි තබා පලා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා බොරලැස්ගමුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.