තෙල්දෙණිය ප්රදේශයේ රථගාලක් තුළ මෝටර් රථයක තිබී සොයාගත් කාන්තා මල සිරුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්රධාන සැකකරු, ඔහුගේ බිරිඳ සහ දරුවා නුවරඑළිය මහේස්ත්රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
නුවරඑළිය කොට්ඨාශ භාර සහකාර පොලිස් අධිකාරී චන්දන බස්නායක මහතා සඳහන් කළේ, මෙම සැකකරුවන් වෙනුවෙන් රැඳවුම් නියෝග ලබාගැනීමට අපේක්ෂා කරන බවයි.
පානදුර, වලාන වලාන දූෂණ මර්ධන ඒකකය විසින් සිදුකරන ලද මෙහෙයුමකදී චාවාකච්චෙරි කයිතඩි ප්රදේශයේදී මෙම සැකකරුවන් ඊයේ අත්අඩංගුවට ගැනුනා.
පසුව වැඩිදුර විමර්ශන සදහා ඔවුන් නුවරඑළියට ඊයේ පස්වරුවේ රැගෙන ආ බවයි මෙම අවස්ථාව ආවරණය කළ නෙත් නිව්ස් වාර්තාකරු රංජිත් රාජපක්ෂ පැවසුවේ.
මේ අතර පොලීසිය කළ මූලික ප්රශ්ණකිරීම්වලදී අත්අඩංගුවට ගෙන සිටන ප්රධාන සැකකරු සහ ඔහුගේ බිරිඳ ප්රශ්ණගත සිද්ධිය සම්බන්ධයෙන් සහ ප්රධාන සැකකරුට ඇති තවත් වංචා චෝදනා සම්බන්ධයෙන් වැදගත් තොරතුරු ගණනාවක් පොලීසිය හමුවේ අනාවරණ කර ඇතැයි වාර්තා වනවා.
ප්රධාන සැකකරු කාන්තාවන් මුලාකිරීමේදී තමන් ඔහුගේ වැඩිමහල් සහෝදරිය ලෙස හදුන්වාදුන් බවයි ඔහුගේ බිරිද පවසා ඇත්තේ.
මියගිය භෞතචිකිත්සකවරියගෙන් තමන් මුදල් ලබාගත් බවත් එහෙත් මුලදී ප්රකාශ වූ ලෙස එය රුපියල් කෝටි එකහමාරක් නොවන බවත් ප්රධාන සැකකරු කියා තිබෙනවා.
තමන් ඇගේ නිවසට යනවිට ඇය ගෙලවැල ලාගෙන සිටි බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.
ඒ දුටු තමන බියවූ බවද ඒ අනුව ඇය ඔසවාගෙන ගොස් මෝටර් රථයෙන් තෙල්දෙණිය රැගෙන ගොස් එහි දමා පලාගිය බව ද ඔහු පවසා තිබෙනවා.
කෙසේවෙතත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ භෞතචිකිත්සකවරියගේ මරණය ගෙල සිරකිරීමකින් සිදුව ඇති බවයි.
මෙම අපරාධය සදහා ආධාර අනුබල දුන් බවට සැකපිට තවත් අයෙකු ඊයේ අත්අඩංගුවට ගැනුනු අතර මේ වනවිට අනාවරණ වී ඇති පරිදී ඔහු කුණ්ඩසාලේ ප්රාදේශීය සභාවේ රියදුරෙකු ලෙස සේවය කරන්නෙක්.
ප්රධාන සැකකරුට ප්රවාහන සහ නවාතැන් පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් ඔහු චෝදනා ලබා සිටිනවා.
මියගිය කාන්තාවගේ සිරුර ප්රවාහනය කිරීම සඳහා යොදාගත් මෝටර් රථය සහ සැකකරු ගමන් කිරීමට භාවිතා කළ යතුරුපැදියක් ද මේ වන විට පොලිස් භාරයට ගෙන තිබෙනවා.




