දොම්පේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය භාරයේ පවතින, මල්වාන ප්‍රදේශයේ පිහිටි ඉඩම සම්බන්ධයෙන් අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ පිරිසක් යොමු කළ ඉල්ලීම්වලට අදාළ පාර්ශව සමග සාකච්ඡාවක් අද (18) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි. එහිදී එම සිසුන්ගේ ඉල්ලීමට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද තීරණය කරනු ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ.
මල්වානේ පිහිටි හිමිකරුවෙකු නොමැති නිවස සහ ඉඩම විශ්වවිද්‍යාල සඳහා ලබාදෙන ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ පිරිසක් පසුගිය 14 වනදා සිට එහි නවාතැන් ගනිමින් විරෝධතා ක්‍රියාමාර්ගයක් නිරත වනවා.
කෙසේවෙතත් අනවසරෙන් එහි ඇතුළු වී එය අත්පත් කරගෙන සිටීම සම්බන්ධයෙන් පාර්ශව දෙකක් විමින් පොලිසිය වෙත පැමිණිලි දෙකක් ඉදිරිපත් කර තිබෙනවා.




