කිරිදිඔය පිටාර ගැලීම හේතුවෙන් මේ වන විට නිවාස 30ක් පමණ ජලයෙන් යටවී ඇති බව මොණරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකාර මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව වැල්ලවාය නගරය, වරුණගම, නුගේයාය ප්‍රදේශයවල නිවාස  එලෙස ජලයෙන් යට වී තිබෙනවා.

එමෙන්ම අලිකොටආර ජලාශයේ වාන් දොරටු 03 ක් අඩි 02 බැගින් විවෘත කර ඇති බවද ආපදා කළමනාකාර මධ්‍යස්ථානය පැවසුවා.

මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අදත් පස්වරු එකෙන් පසුව තද වැසි ඇදහැලී තිබෙනවා.