මහින්ද රාජපක්ෂ මහතා රටේ සංස්කෘතියක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට පෙර පැවසූ බව නුවරඑළිය දිස්ත්රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සී බී රත්නායක පවසනවා.
ගිනිගත්හේන සමූපකාර ශාලාවේදී පැවති ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මස්කෙළිය ආසනයේ කොට්ඨාස නියෝජිත හමුව අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.
එහිදී මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සී බී රත්නායක මහතා කියා සිටියේ ,
එම සංස්කෘතිය කඩන්න අනුර කුමාර දිසානයකලා රට පුරා බොරුකියමින් බලයට පත්වූ බවයි.
සෑම නිවසකටම ගිය ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් මහින්ද රාජපක්ෂලා කියන්නේ හොරු බව මතයක් පළ කරනු ලැබුවා
එදා අපට හොරු කියපු දැනට බලේ ඉන්න අනුර කුමාර දිසානායකත් ජාතික ජන බලවේගය ආණ්ඩුවත් මොනවද කරන්නේ?
විශ්රාම යාමට නියමිත අග්රවිනිශ්චකාරවරයා ඇතුළු ඔවුන්ට පක්ෂපාතී විනිසුරුවන් කීපදෙනෙකුගේ සේවා කාලයේ දිගු කරන්න හදනවා. එම තනතුරට එන්නට ඉන්න ඊළඟ සුදුස්සා එයට විරුද්ධ වෙලා තියෙනවා.මේකද ප්රජාතන්ත්රවාදය.
අද නොරොච්චෝලේ ගල් අඟුරු ගෙනල්ලා වංචාවක් කරලා තියෙනවා. මහ බැංකුවේ මුදල් හැකර්ලාට හොරකම් කරන්න දීලා ඒවට කොමිසම් පත් කරලා තියනවා, අපි ඕවා කරානම් හිරේ, මෙයාලා කොමිසමට මුවා වෙලා ඉන්නවා .




