Published
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මාධ්‍යවේදී චාමික බණ්ඩාරට බන්ධනාගාරය තුළදී පහරදීමක් සිදුව තිබෙනවා.
ඔහු රඳවනු ලැබ සිටියේ කළුතර බන්ධනාගාරයේයි.
එම බන්ධනාගාරයේම තවත් රැඳවුවෙකු විසින් පහරදීම සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙලෙස පහරදීම සිදුකළ බව කියන රැඳවූවා කුප්‍රකට සංවිධානාත්මක අපරාධකරුවකු වන සලිඳු මල්ශික ගුණරත්න නොහොත් කුඩු සළිඳු නමැත්තාගේ ආධාරකරුවකු බවද කියැවෙනවා.
ඔහු විසින් පහරදීම සිදුකර ඇත්තේ තියුණු ආයුධයකින් බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.
මෙම පහරදීමෙන් මාධ්‍යවේදී චාමික බණ්ඩාරගේ කනකට තුවාල සිදුව ඇති අතර ඔහු ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පහරදීමෙන් පසු ඉදිරි ආරක්ෂාව සලකා චාමික බණ්ඩාර වෙනත් බන්ධනාගාරයකට මාරු කිරීමටද අවධානය යොමුව ඇති බවයි වාර්තා වුණේ.




