කළුතර විද්‍යාලය සහ තිස්ස මධ්‍ය මහා විද්‍යාලය අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මැංගුස් හටන මහා ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි.

මෙවර තරගය පැවැත්වෙන්නේ 66 වන වරටයි.

ශීර්ෂ තාරක ලියනගේ කළුතර විද්‍යාලයීය කණ්ඩායමට මෙවර නායකත්වය ලබා දෙන අතර මලිදු දිල්ෂාන් කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම මෙහෙයවනු ලබනවා.

මෙවරද මැංගුස් හටන මහ ක්‍රිකට් තරගය සදහා නෙත් එෆ් එම් රේඩියෝ නිල මාධ්‍ය අනුග්‍රහය ලබාදෙනවා.

මේ අතර කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ සහ මහානාම විද්‍යාලය අතර 20 වන වරටත් පැවැත්වෙන රන් මහ සටන තුන් දින තරඟයේ දෙවන දිනය අදයි.

මෙවර ක්‍රිකට් තරගාවලිය සඳහා කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ නායකත්වය රන්දිස බණ්ඩාරනායක දරණ අතර මහනාම විද්‍යාලයට නායකත්වය ලබා දෙන්නේ දුල්නිත් සිගේරා විසින්.

කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදි තරගය පැවැත්වෙන අතර ඊයේ දිනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනීය කමිටුවේ සභාපති එරාන් වික්‍රමරත්න මහතා එක් වුණා.