මීගමුව බන්ධනාගාරයේ අද හටගත් ගැටුමෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ අට දෙනෙකු කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
එම ගැටුමෙන් තුවාල ලැබූ තවත් අය කොළඹ ජාතික රෝහලට මාරු කිරීම සදහා මේ වනවිට කටයුතු කරමින් සිටින බවයි මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ උසස් නිලධාරියෙකු පැවසුවේ.
අද පෙරවරුවේ හටගත් ගැටුමෙන් තුවාල ලැබූ සියයකට අධික පිරිසක් මීගමුව දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර කෙරුණා.
තවදුරටත් තුවාලකරුවන් මීගමුව දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන එමින් සිටින බවයි වාර්තා වුණේ.
මීගමුව බන්ධනාගාරයේ අද හටගත් ගැටුමෙන් 19 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ අතර බන්ධනාගාර නිලධාරීන්ද වන බවයි මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ එම උසස් නිලධාරියා පැවසුවේ.
මීගමුව බන්ධනාගාරයේ පළමුව ගැටුම හටගත්තේ ඊයේ පස්වරු එකට පමණයි.
එහිදි තුවාල ලැබූ 36 දෙනෙකු මිගමුව මහ රෝහලට ඇතුළත් කෙරුණා.
ඒ අතරින් රැදවියන් දෙදෙනෙකු ඊයේ දිනයේ මිය ගියා.
මිගමුව බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කිරීම සදහා අතිරේක පොලිස් බලඇණි සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ද තවදුරටත් කටයුතු කරමින් සිටින බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.




