නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ තොගයක් සමඟ ඩිංගි යාත්‍රා දෙකක් සහ ලොරි රථයක් නීතියේ රැහැනට හසු කරගෙන තිබෙනවා.

ඒ, නාවික හමුදාව, පොලීසිය හා එක්ව මීගමුව වේල්ලවීදිය වෙරළ ප්‍රදේශයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදීයි.

එහිදි බීඩි කොළ කිලෝග්‍රෑම් දෙදහස් දෙසීය හැත්තෑ හයකට අධික තොගයක් සොයා ගෙන තිබෙනවා.

නීතියේ රැහැනට හසුකර ගත් බීඩි කොළ තොගය, ඩිංගි යාත්‍රා දෙක සහ ලොරි රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා මීගමුව තෙල්වත්ත පොලිස් ස්ථානය වෙත භාර දුන් බවයි නාවික හමුදාව පැවසුවේ.