පාර්ලිමේන්තුවේදී අද පස්වරු එකට පැවැත්වෙන මුදල් කාරක සභාවේ විශේෂ රැස්වීම සදහා මුදල් අමාත්‍යංශ ලේකම් හර්ෂණ සුරියප්පෙරුම මහතා සහභාගි වන බවට වාර්තා පළ වනවා.
මුදල් අමාත්‍යංශ ලේකම් හර්ෂණ සුරියප්පෙරුම මහතා එම රැස්වීමට සහභාගි නොවන බවට දන්වා ඇතැයි මුදල් කාරක සභාවේ සහභාපති සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මීට පෙර ප්‍රකාශ කළා.
කෙසේවෙතත් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා අද දිනයේ සහභාගි වන බවට පළ වාර්තා සම්බන්ධයෙන් නෙත් නිවුස් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාගෙන් විමසිමක් කළා.
ඔහු කිසිටියේ අද දිනයේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා අදාළ රැස්වීමට සහභාගිවීම සම්බන්ධයෙන් තමන්ට කිසිවක් ප්‍රකාශ කර නැති බවයි.
කෙසේවෙතත් අදාළ රැස්වීම සැලසුම් කළ පරිදි පස්වරු එකට පැවැත්වෙන බවද මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසුවා.
මහා භාණ්ඩාගාරයේ තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථාන ගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉදිරියේදී පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ලිඛිතව පාර්ලිමේන්තු මුදල් කාරක සභාව වෙත දැනුම් දී තිබුණා.
මේ හේතුවෙන් තමන්ට අද දිනයේ මුදල් කාරක සභාව හමුවේ පෙනී සිටීමට අවශ්‍ය නොමැති බවයි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පවසා ඇත්තේ.




