බටහිර මධ්‍යම සහ ඊට යාබද නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ‘මුරසු‘ සුළි කුණාටුව, ඊයේ රාත්‍රී 11.30 ට පමණ කන්කසන්තුරයේ සිට කිලෝමීටර් 480ක පමණ උතුරට බරව ඊශාන දෙසින් කේන්ද්‍රගතව පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මෙම පද්ධතිය ඉදිරි පැය 03 තුළ බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය හරහා බටහිර-වයඹ දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය වී ප්‍රබල සුළි කුණාටුවක් බවට පත්වීමට ඉතා වැඩි හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.
ඉන් අනතුරුව, එය වයඹ දෙසට ගමන් කරමින් අද මධ්‍යම රාත්‍රියේ සිට හෙට අලුයම් කාලය අතරතුර නෙල්ලෝර් සහ නර්සාපූර් අතරින් දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරය හරහා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස ඉන්දියානු ගොඩබිමට ඇතුළුවීමට වැඩි හැකියාවක් පවතිනවා.
මේ හේතුවෙන් උතුරු අක්ෂාංශ 10ත් 17ත් සහ නැගෙනහිර දේශාංශ 80ත් 90ත් අතර මුහුදු ප්‍රදේශවල නැවත දැනුම්දෙන තුරු ධීවර සහ නාවුක කටයුතුවලින් වළකින ලෙසත් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාවන් ආරක්ෂිත ප්‍රදේශ කරා යාත්‍රා කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
එමෙන්ම මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලත් නැවත දැනුම්දෙන තුරු ධීවර සහ නාවුක කටයුතුවලින් වැලකී සිටිය යුතු වනවා.
මේ සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ධීවර සහ නාවුක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියා.
මේ අතර අද පස්වරු එකෙන් පසුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවල මහතා පැවසුවේ .




