Published
මුල්ලේරියාව, නාරංගොඩ පාර ප්රදේශයේ නිවසක හටගත් ගින්නකට හසුව පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය පැවසුවේ වයස අවුරුදු 56ක් වන පුද්ගලයෙකු එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
ඔහු තනිව එම නිවසේ පදිංචිව සිට තිබෙනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වි නැහැ.
සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලේරිය පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.




