මෙම වසරේ ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලසීමාව සඳහා විදුලි ගාස්තු වැඩි කිරිමක් අවශ්‍ය නොවන බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම පවසනවා.

2026 වර්ෂයේ සිව්වන කාර්තුව සඳහා යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ පාර්ශ්වකරුවන්ගේ උපදේශන සාකච්ඡාවේදී එම සමාගම ඒ බව අවධාරණය කර තිබෙනවා.

ජලාශවල පවතින ජල සංචිත මට්ටම් සහ එල් නිනෝ කාලගුණික තත්ත්වයන් යටතේ පුරෝකථනය කර ඇති සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ වර්ෂාපතනය සැලකිල්ලට ගනිමින් එම තීරණයට එළැඹි බවයි එම සමාගම පැවසුවේ.