“රටම එකට” ජාතික මෙහෙයුම යටතේ දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් ගත වූ දිනයේදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 840 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව හෙරොයින් ග්‍රෑම් 378ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 417ක් සහ හෂීෂ් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 11දෙනෙකු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීම සඳහා රැඳවුම් නියෝග ලබාගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බවට හඳුනාගත් සැකකරුවන් 06 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවා.
මේ අතර පොලීසිය මගින් දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම යටතේ විවිධ අපරාධ සිද්ධීන්වලට සෘජුව සම්බන්ධ පුද්ගලයින් 22 දෙනෙකු ඊයේ දිනයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම මෙහෙයුමේදී පුද්ගලයින් 28,879 දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
එම මෙහෙයුම යටතේ විවෘත වරෙන්තුකරුවන් 126 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර බීමත්ව සහ අපරික්ෂාකාරී රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 426 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩිදුරටත් සඳහන් කළා.




