කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති කපිල චන්ද්‍රසේන චිකාගෝ විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු උපාධියක් සහ මෙල්බර්න් විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි තනතුර දැරීමට පෙර ඔහු මිහින් ලංකා සහ මොබිටෙල් සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරි ලෙස මෙන්ම ශ්‍රී ලංකා ටෙලිකොම් හි ප්‍රධාන අලෙවිකරණ නිලධාරියා ලෙසද සේවය කළා.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර් බස් යානා මිලදී ගැනීමේදි අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ කපිල චන්ද්‍රසේන එම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත මුදහැරුණේ පසුගිය 5 වනදායි.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග. එස්. බෝදරගම මහතා එහිදී නියෝග කලේ සැකකරු රුපියල් ලක්ෂ 05 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමටයි.
කෙසේවෙතත් ඔහු නැවත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ දිනයේදී නියෝගයක් නිකුත් කළා.
ඒ, මුදලටගත් ඇපකරුවන් දෙදෙනෙකු ඇප තැබීම සදහා අධිකරණයට ඉදිරිපත් කර ඇප කොන්දේසි උල්ලංඝණය කිරීමේ චෝදනා මතයි.
එයාර් බස් ගනුදෙනුවෙන් අල්ලස් වශයෙන් ලැබුණු මුදල් සැකකාර කපිල චන්ද්‍රසේන විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට ලබා දී තිබෙන බව අනාවරණය වී ඇතැයි අල්ලස් කොමිසම පසුගිය මාර්තු 19 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී දැනුම් දෙනු ලැබුවා.
කෙසේවෙතත් කපිල චන්ද්‍රසේන මහතාගේ නීතිඥවරුන් මෝසමක් ඉදිරිපත් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පසුව දැනුම් දුන්නේ සැකකරුට බලපෑම් කර අල්ලස් කොමිසමේ නිලධාරීන් අදාළ ප්‍රකාශ ලබාගෙන ඇති බවයි.
අල්ලස් කොමිසම සිය සේවාදායකයාගේ ප්‍රකාශයක් සටහන් කර ගන්නා අතරතුර දිවා ආහාරය සදහා ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා එම ස්ථානයෙන් පිටව ගිය අවස්ථාවේදී සිය සේවාදායකයාව වෙනත් කාමරයකට රැගෙන ගොස් අදාළ ප්‍රකාශය ලබාගෙන ඇති බව ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා එම මෝසම ඉදිරිපත් කරමින් අධිකරණය හමුවේ කියාසිටියා.
එම සිද්ධියට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතා ප්‍රකාශ ලබාගැනීම සදහා ලබන 12 වනදා අල්ලස් කොමිසම වෙත කැදවා ඇත්තේ ද මෙම සිද්ධියට අදාලවයි.




