Published
මෙරටින් පලා ගොස් විදේශ රටවල අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවන් අට දෙනෙකු ඉදිරියේදී දිවයිනට රැගෙන ඒමට නියමිත බව පොලීසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කරන ලද ඉල්ලිම් මත තවත් රතු නිවේදන 94ක් හැකි ඉක්මනින් ක්‍රියාත්මක කර ගැනීමට පොලීසිය කටයුතු කරමින් සිටින බවයි.
මෙම වසරේ ගතවූ කාල සීමාවේදී විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 1,873ක් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා වැඩිදුරටත් සඳහන් කළා.




