රක්ෂිත බන්ධනාගාර ගත කළ රාජාංගනයේ සද්ධාරතන නමැත්තා ද අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල ඉකුත්දා කෙරුණු සත්‍යග්‍රහය අතරවාරයේ දෙපාර්ශවයක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු රාජාංගනයේ සද්ධාරතන නමැත්තා ලබන 26දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළේ.
ඒ අනුව රාජාංගනයේ සද්ධාරතන නමැත්තා විශේෂ ආරක්ෂාවක් යටතේ අනුරාධපුර බන්ධනාගාරයේ වාට්ටුවක තවත් රැඳවියන් පිරිසක් සමග රඳවා තිබෙනවා.
අදාළ චෝදනාව සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු පිරිස ද රදවා සිටින්නේ අනුරාධපුර බන්ධනාගාරයේයි.
ඒ අනුව එම පිරිස සහ රාජාංගනයේ සද්ධාරතන නමැත්තා එකිනෙකා මුණ නොගැසෙන සේ වාට්ටු දෙකක විශේෂ ආරක්ෂාවක් යටතේ රැඳවු බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.




