රක්‍ෂිත බන්ධනාගාර ගත කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා බන්ධනාගාර වෛද්‍යවරයෙකු විසින් වෛද්‍ය පරික්‍ෂාවකට ලක් කර තිබෙනවා.

ඒ අනුව මන්ත්‍රීවරයාගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නොමැති බවයි එහිදි අනාවරණ වී ඇත්තේ.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජක්‍ෂ මහතා මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ තවදුරටත් රදවා සිටිනවා.

ඊයේ පස්වරුවේ එම බන්ධනාගාරය වෙත රැගෙන ආ මන්ත්‍රීවරයා විශේෂ වාට්ටුවක රැදවු බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ, ඔහුගේ ආරක්‍ෂාව පිළිබද සැලකිල්ලට ගනිමින්.

එවන් පසුබිමක් තුළ තවත් රැදවියන් දස දෙනෙකු පමණ රදවා සිටින වාට්ටුවක මන්ත්‍රීවරයා රදවා සිටින බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර කෙරුණා.

ඒ, අල්ලස් කොමිසම විසින් ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබාදුන් නියෝගයක් මතයි.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර සහ සැකකරුගේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා නියෝග කළේ මන්ත්‍රීවරයා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.