රුවන්වැලි මහා සෑ පරිශ්‍රය ආසන්නයේ පැවති සත්‍යග්‍රහය අතරතුර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් රාජාංගනයේ සද්ධාරතන නමැත්තා සහ තවත් අයෙක් අනුරාධපුර පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සිදුවීම සම්බන්ධයෙන් ඔවුන්ගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔවුන්ව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සද්ධාරතන නැමැත්තා ඇතුළු අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ මන්දැයි අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙස අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඊයේ නියෝග කළා.