රුවන්වැලිසෑය ඉදිරිපිට ආරම්භ කර තිබෙන සත්‍යග්‍රහයේදී පසුගියදා අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ රුධිරයේ හෙරොයින් මත්ද්‍රව්‍ය සහ ගංජා අඩංගු බවට වෛද්‍ය පරීක්ෂණයකින් තහවුරු වී ඇති බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ අනුරාධපුර අධිකරණ වෛද්‍ය නිළධාරීවරයා සිදුකල වෛද්‍ය පරික්ෂාවේදී මෙය තහවුරු වූ බවයි.

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂූන් වහන්සේ පිරිසක් පසුගිය 07 වනදා ආරම්භ කළ මෙම සත්‍යග්‍රහයේදී එහි සිටි සක් පිඹින පුද්ගලයා අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුව ඔහු අධිකරණ වෛද්‍ය නිළධාරියා හමුවට ඉදිරිපත්කර මෙම මත්ද්‍රව්‍ය පරීක්‍ෂාව සිදුකර තිබෙනවා.

අදාළ වෛද්‍ය වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය පැවසුවේ.