සේරුනුවර, සිරිදූව ප්‍රදේශයේ දී වනඅලියෙකු කළ පහරදීමකින් පුද්ගලයෙකු ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

පොලීසියට පැවසුවේ වයස අවුරුදු 47 ක් වූ පුද්ගලයෙකු එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි.

ඔහු සිය නිවස ඉදිරිපිට සිටියදී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සේරුනුවර පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.