Published
දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක වුවද අද උදෑසන කාලය තුළත් සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
එහි ගමනා ගමන අධිකාරී අසංක සමරසිංහ මහතා පැවසුවේ කාර්යාලය දිනයක් වන අද දිනයේද බාධාවකින් තොරව මගින්ට දුම්රියෙන් ගමන් කිරීමට සියලු කටයුතු කල්වේලා ඇතිව සූදානම් කළ බවයි.
මේ අතර දුම්රිය වෘත්තිය සමිති සිදු කරන වර්ජනය මේ වන විටත් අසාර්ථක වී ඇති බවත් ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ලබාදී තිබියදී ජනතාව අපහසුතාවයට පත් කරමින් ඔවුන් මෙවැනි වර්ජන ක්‍රියාත්මක කිරීම අනුමත නොකරන බවත් ප්‍රවාහන සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසුවා.
කෙසේවෙතත් අද දිනය තුලත් සැලසුම් කළ පරිදි සිය වෘත්තිය ක්‍රියා මාර්ගය ක්‍රියාත්මක කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා නෙත් නිවුස් වෙත කියා සිටියා.




