ගතවූ වසර 05ක කාලය තුල සැලකිය යුතු සිසුන් පිරිසක් අතරමැදදී පාසල් හැරගොස් ඇතැයි පුනරුත්ථාපන පාලක සභාවේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය වසන්තා සුබසිංහ මහත්මිය පවසනවා.

ඇය කියා සිටියේ මත්ද්‍රව්‍ය ඇබ්බැහි වීම් මීට සම්බන්ධ වී ඇතැයි අනාවරණය වී ඇති බවයි.

"අපි හඳුනාගෙන තිබෙනවා, පහුගිය අවුරුදු පහ ඇතුළත, පළවෙනි පන්තියේ සිට දහවෙනි පන්තිය දක්වාම ශිෂ්‍යයෝ දෙලක්ෂ හැටපන්දහසකට ආසන්න ප්‍රමාණයක් පාසල හැරගොස් තිබෙනවා. ඒ වගේම දහයේ පන්තියෙන් එකොළහෙ පන්තියෙන් වගේ ශිෂ්‍යයෝ ඉගෙන ගැනීමෙන් ඈත්වීමත් කියන කරුණු දෙකම මේ මත්ද්‍රව්‍ය ඇබ්බැහියත් එක්කලා සම්බන්ධකම් පවත්වනවා.ඔබේ ගමේ කවුරුහරි දරුවෙක් මේ ඇබ්බැහියකට යොමු වෙලා තිබෙනවා නම්, ඔවුන්ගේ කැමැත්තෙන් පොළොන්නරුවේ සේනපුර තිබෙන මේ නවෝදාව තෘතීය හා වෘත්තීය සාක්ෂරතා පුහුණු මධ්‍යස්ථානයට ඇවිල්ලා මාස තුනක කාලයක් ඉඳලා පුනරුත්ථාපනය වෙලා ඔහුට යන්න පුළුවන්."

මේ අතර, රටම එකට ජාතික මෙහෙයුම යටතේ 2025 වසරේ ඔක්තෝම්බර් මස 30 වනදා සිට මේ දක්වා වැටලීම් දෙලක්‍ෂ 68,101ක් සිදුකර ඇති අතර එහිදී සැකපිට පුද්ගලයින් දෙලක්‍ෂ 67,377ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.